බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බවද සඳහන්.

පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.