සුන්දර නුවරඑළිය සැලළිහිණි වසන්තයේ වසන්ත මල් දැක්ම

නුවරඑළිය මහ නගර සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමිව පවත්වනු ලබන මල් ප්‍රදර්ශනය (20 , 21) දෙදින පුරා  වික්ටෝරියා උද්‍යානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

ශ්‍රී ලංකාව යටත් විජිත පාලනයේ තිබියදී 1937 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වගා කටයුතුවල නියැලී සිටි බ්‍රිතාන්‍ය  ජාතික වැවිලිකරුවන්ගේ බිරින්දෑවරුන් විසින්  විසින් නුවරඑළිය නගරයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද වාර්ෂික සත්ව , එළවළු හා මල් ප්‍රදර්ශනය වර්තමානය වන විට එය මල් ප්‍රදර්ශනය බවට පරිවර්තනය වෙමින් සෑම වසරකම අප්‍රේල් මාසයේදී නුවරඑළිය මහ නගර සභාව මගින් මල් ප්‍රදර්ශනයක් වශයෙන් සංවිධානය කර තිබුණි.

මෙම වසන්ත මල් දැක්ම නුවරඑළිය මහ නගර සභාව මගින් උත්කර්ෂවත් අන්දෙමින් වසර හතළිහකට ආසන්න කාලයක් සිදු කරනු ලබයි.

2024 වසන්ත මල් දැක්ම නිල වශයෙන් ආරම්භ කිරීම (20) දින නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.සී.බී රත්නායකගේ හා ඉන්දියානු අතිරේක මහ කොමසාරිස් මහනුවර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආදිරා සරසන් ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ගෘහස්ථ ගෙවතු හා කපන ලද මල් වලින් සකසන නිර්මාණ වශයෙන් අංග කිහිපයකින් සමන්විතව පැවැත්වුණු වසන්ත මල් දැක්මේ ත්‍යාග ප්‍රධානෝත්සවය (21) දින නුවරඑළිය මහ නගර හිටපු නගරාධිපතිවරුන් වන නීතිඥ  නලින් තිලක හේරත් , මහින්ද දොඩම්පේ ගමගේ , චන්දන ලාල් කරුණාරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී සිදුකෙරිණ.

නුවරඑළිය මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරී සහ අතිරේක දිස්ත්‍රික්  ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න ආරාධනයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.