ගුවන් හමුදාපති ජාත්‍යන්තර සරසවියක ගෞරව නාමාවලියට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ අමෙරිකානු එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක් වේ.

අමෙරිකානු එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ,මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කොට ඇති ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනය(International Honour Roll) සදහා එම විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ නිලධාරීන්ගේ නම් ගෞරව නාම ලේඛනය සදහා ඇතුළත් කිරී‌‌මේ උත්සවය පසුගිය 19වැනිදා එම කඳවුරේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර ආදි සිසුන් 21 දෙනෙකු ගෞරවනීය නාම ලේඛනයට(International Honour Roll) ඇතුළත් කිරීමට සුදුසුකම් ලබා තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ද එම ගෞරව නාම ලේඛනයට ඇතුලත්වීම විශේෂ කරුණකි.

ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනයට(International Honour Roll)නම ඇතුලත් කිරීම සිදුවනුයේ එම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඉහලම හමුදා හෝ ප්‍රමුඛ සිවිල් තනතුරු වල සේවය කරන විදේශීය නිලධාරීන් හා ඡේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් හටය.