මෙරට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

වසරේ ගත වූ  කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කරයි.

මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 21, 453 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි

එම සංඛ්‍යාව 4608ක් වෙයි

මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 02ක් අධි අවදානම් මට්ටමේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි