ඒකාබද්ධ මැයි රැලියක් පවත්වනවා මඑපෙ සහ වෘත්තීය සමිති රැසක් පොදු තීරණයක

මෙවර මැයි දින සමරුව එක්ව පැවැත්වීමට මහජන එක්සත් පෙරමුණ ප්‍රගතිශීලි කඳවුරේ සියලු ගාමක බලවේග හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහ එම පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති තීරණය කොට ඇත.

මැයි රැලිය හා සම්බන්ධ වීමට, ජාතික සංවිධාන, වාම කඳවුරේ හා මැද මාවත් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කම්කරු සංවිධාන ගණනාවක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටිති.

කම්කරු හා වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීම සඳහා කටයුතු කරමින්, ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින රටක උන්නතිය උදෙසා එක්ව කැපවී කටයුතු කරන්නට සහෝදරත්වයේ දෑත් දිගු කරමින් මෙම මැයි රැලිය සාර්ථක කර ගැනීම සඳහා කැම්බල් පිටියට එක්වන ලෙස සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවගෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටී.