ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහට පැන අතුරුදහන් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

ඔහු හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමැති වයස අවුරුදු 33ක පුද්ගලයෙකි.

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග(19) උදැසන ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන වල පටිගත වි තිබේ.

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ භට පිරිස් විසින් අද (20) දින උදැසන සිට ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇත.

ශ්‍රී පාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනිමට ප්‍රථම සිහි විකල්වි සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇත.

අතුරුදහන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර ඇතැයි ද සදහන් වේ.