නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම (21) තීරණය කළේය.

අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එහිදී උනුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.