දීඝවාපි අරමුදලට තායිවානයෙන් ලැබුණු පරිත්‍යාගය

තායිවාන ජාතික LU,SU-FENG  ( 19) දින ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත.

 පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සිදු කල සංචාරය අතරතුරදී දීඝවාපිය පුදබිමේ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක පැහැදීමෙන් එතුමිය මෙම මුදල පරිත්‍යාග කරන ලදි.

 එම මැතිනිය එවා ඇති ඊමේල් පණිවිඩයට අනුවදීඝවාපිය පුදබිමේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා ද එතුමියගේ පින්බර දායකත්වය දැක්වීමට බලාපොරොත්තු වන බව දක්වා ඇත.

 දීඝවාපිය පුදබිම බුදුරජාණන් වහන්සේ වැඩම කර ඇති සො‌ළොස්මස්ථාන වලට අයත් පූජනීය ස්ථානයකි.

 ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල මේ වන විට බොහෝ ප්‍රගතියක් දක්නට ඇත. මේ සඳහා අරමුදල් සපයනු ලබන්නේ ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’හරහා දානපතියන්ගේ නොමසුරු ආධාර මතය.

දීඝවාපිය සෑයේ පැරණි ශ්‍රී විභූතිය සිය පියවි ඇසින් දැක බලාගැනීමට දායකවීමට කැමති අයවළුන්ට පරිත්‍යාග ලබාදීම සඳහා www.deegawapiya.lk දීඝවාපිය වෙබ් අඩවිය හරහා විස්තර ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා [email protected] හෝ 011 2430860-78 ඇමතීමෙන් ලබාගත හැකිය.