ධනය නිර්මාණය කළ හැක්කේ ධනවාදයට පමණයි – සජිත් ප්‍රේමදාස

ධනය නිර්මාණය කළ හැක්කේ ධනවාදයට පමණක් බව තම පක්ෂය තරයේ විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජයේ පවතින රෝගාබාධ සඳහා බෙහෙත් වට්ටෝරුවක් බව කියන කොමියුනිස්වාදය සහ අන්ත ​සමාජවාදය තමන් ප්‍රතික්ෂේප කරන නමුත්, ඇතැම් සමාජවාදී පරමාදර්ශ සමාජයේ අසමානතා දුරු කරමින් සමාජ සාධාරණත්වය තහවුරු කිරීමේදී වැදගත් බව බැහැර නොකරන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ධනවතුන් පමණක් බලගැන්වීම විශ්වාස කරන නව ලිබරල්වාදී පහත් දේශපාලනය තම පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද, මානුෂීය ධනවාදය පමණක් තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරත් සඳහන් කළා.