ඇඹිලිපිටියයේ නිවසක කපා කොටා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක්

ඇඹිලිපිටිය පොලිස් වසමේ මඩුවන්වෙල ජනපදය ප්‍රදේශයේ නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී පසුගිය 18 දින රාත්‍රි සොයාගත් බව ඇඹිලිපිටිය පොලසිය කියයි.

මියගොස් ඇත්තේ කොළඹගෙආර මඩුවන්වෙල ජනපදයේ පදිංචිව සිටි රන්කැටිදුරගේ නන්දපාල නැමැති හැත්තෑ එක් හැවිරිදි තිදරු පියෙකි.

එම තැනැත්තා වසර පහක පමණ කාලයක් එම නිවසේ නැවැතී සිට ඇතැයි පොලිසිය පවසයි.

එම තැනැත්තා එම නිවස කුලී පදනම මත රැගෙන එහි පදිංචිව ඉදල් නිෂ්පාදනය කරමින් ජීවත්ව ඇත. මියගිය පුද්ගලයාගේ දරුවන් පිට ප්‍රදේශ වල පදිංචිව සිට ඇති අතර එම පුද්ගලයා පමණක් එම නිවසේ කාලය ගත කරමින් එම කාර්මාන්තයේ නියලී අතැයි පොලිසිය සදහන් කළේය.

මියගිය පුද්ගලයා පදිංචි නිවසට ඉදිරිපිට නිවසියන් එම අපරාධය සිදු වු දිනයේ පස්වරු කාලයේ අවුරුදු උත්සවයක් නැරැඹීමට පිටතට ගොස් සිට ඇත.එම නිවසියන් පස්වරු 6.30 ට පමණ නැවැත සිය නිවසට පැමිනි අවස්ථාවේ නිවසේ විදුලි බුබුළු කීපයක් අතුරුදන්ව තිබී ඇත.

යම් අයෙකු විසින් එම බල්බ ගලවාගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් මියගිය පුද්ගලයාගෙන් විමසීම සදහා එම නිවසියන් මියගිය තැනැත්තා පදිචි නිවසට ගොස් බැලීමේදී එම ඝාතනය දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් ඊයේ  19 දින අපරාධය සිදුවූ ස්ථානයට පැමින පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර එහි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් දිලුම් යූ ප්‍රනාන්දු විසින් සිදුකරනු ලැබීය.

එම ස්ථානයට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ නිළ සුනඛයාගේ සහය ලබා ගැනීම සදහා සුනඛයා රැගෙන පැමිනියද ඒ සදහා නිමිත්තක් සොයා ගැනීමට නොහැකි වුනැයි පොලිසිය සදහන් කලේය.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් එහි අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් වරයා එහිදී පොලිසියට නියෝග කලේය.

ඒ අනුව එම මෘත දේහය පොලිසිය විසින් ඇඹිලිපිටිය මහ රෝහල වෙත රැගෙන යනු ලැබූ අතර ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස පරීක්ෂක සී.කේ සී.එස්. දයාවංශගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම් ප්‍රෙමරත්න ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ සිදු කරති.