ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී (17) සිදුවිය.
අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන තානාපති MIZUKOSHI Hideaki මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට පැවැසීය.
විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ජාතික ප්රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙම හමුවේදී තානාපතිවරයා සහ ඇමැති ටිරාන් අලස් අතර අදහස් හුවමාරු කර ගැනිණි.
ඇමැති ටිරාන් අලස් විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳව ද ජපාන තානාපති MIZUKOSHI Hideaki දැනුම්වත් කරනු ලැබීය.
ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති MIZUKOSHI Hideaki අමාත්‍ය ටිරාන් අලස් හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව තවදුරටත් පැවැසීය.