මහියංගණය රඹුක්යාය ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 12,000ක්, අයිස් මිලිග්‍රෑම් 500ක්, මුදල්, යතුරුපැදියක් සහ ජංගම දුරකතනයක් සමඟ ඉකුත් 16 දින අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ මහියංගණය පදියතලාව පාර 47 කණුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු විසින් කොළඹ සිට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය පැකට් කර මහියංගණය ප්‍රදේශයේ අතුරු මාර්ගවලදී මත්ලෝලීන් හට අලෙවි කරනු ලබන බවට දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ජයසේකර වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබිණ.
එහිදී සැකකරු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය අලෙවි කර ලබා ගත් බවට සැක කෙරෙන රුපියල් හැත්තෑ හතරදහසක මුදලක්ද පොලිස් භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ. සැකකරුගෙන් තවදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කුඩා මත්ද්‍රව්‍ය පැකට් එකක් රුපියල් පන්දහසකට ගැනුම්කරුවන් වෙත අලෙවි කරනු ලබන බවද පොලිසියට පවසා ඇත.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන, බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරි ජි.ඩබ්ලිව්.එස්.පී. පලීපාන සහ මහියංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. විජේරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් ජයසේකර (66024), පො.කො. තාරක (81653), පො.කො. ප්‍රේමරත්න (81362), පො.කො. කුලවංශ (104381) සහ කා.පො.කො. මාලීකා (9121) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළ බවද පොලිසිය සඳහන් කළේය.