ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ දරුවන් 13,800කට දිවි අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ් සංවිධානය) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් ප්‍රකාශ කර ඇත්තේ තවත් දහස් සංඛ්‍යාත දරුවන් තුවාල ලබා ඇති බවය.
අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් සෑම මිනිත්තු 10කට වරක් දරුවකු ජීවිතක්ෂයට පත්වීම හෝ තුවාල ලැබීම සිදුවන බවය.
යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ කාන්තාවන් දසදහසකට වඩා ඝාතනය වූ බවත්, මව්වරුන් 6000ක් ඊට අයත් බැවින් දරුවන් 19,000ක් අනාථ වී ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.