ශෝක පණිවිඩයෙන් අගමැති කියයි
ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් රජයක, පක්ෂයක බලය හෝ වෙනත් ඒ ආකාරයේ උරුම බලයක් නැතිව මිනිස් සමාජය එකමුතු කළ නායකයෙක් යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
ඒ.ටී. ආරියරත්නගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
මිනිස් ගුණධර්ම පදනම් කරගත් පරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක්. එතුමාගේ අභාවය මුළු මහත් ජාතියටම දැවැන්ත හිඩැසක්. රටපුරා ගමින් ගමට යමින් එතුමා ලබා දුන් උතුම් ආදර්ශය සදාකාලිකයි. පරම්පරා කීපයක් සමඟ ඉදිරියට ගෙනා ආදර්ශමත් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව රටවල් බොහෝමයකට, සංවිධාන බොහෝමයකට අලුත් මඟක් වුණා. ඒ නායකත්වයෙන්, ආශීර්වාදයෙන් ක්‍රියාත්මක වුණු සේවා අනන්තයි.
මිනිස් ගුණධර්මවලින් පිරි සමාජයක් ඇති කිරීමට දැක්වූ ඒ දායකත්වය දේශපාලන පක්ෂවලට, දෙපාර්තමේන්තුවලට වඩා විශාලයි. එලෙස ස්වේච්ඡාවෙන් මිනිස් සමාජය එකමුතු කළ නායකයෙක් නොහිටි බව නිහතමානීව ප්‍රකාශ කරනවා. රජයක බලය, පක්ෂයක බලය හෝ වෙනත් ඒ ආකාරයේ උරුම බලයක් නැතිව ඒ.ටී. ආරියරත්න අප සැමට ගුරුවරයෙක් මෙන් මඟ පෙන්වූවා. එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා යැයිද පැවසීය