විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
අලුත් අවුරුදු කාලයෙන් පසු කුඩා දරුවන් අතර පාචනය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා (19) පැවසීය. උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ගැනීම හේතුවෙන් මෙලෙස පාචනය රෝගය ව්‍යාප්ත වීමක් සිදුව ඇතැයිද ඒ මහතා කීවේය.
වමනය, බඩඑළිය යෑම පාචනයේ රෝග ලක්ෂණ වන අතර, මේ රෝග ලක්ෂණ තිබේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. පාචනය රෝගය සඳහා විශේෂයෙන්ම බැදි හාල් කැඳ ආහාරයට දීම සුදුසු බවද ඒ මහතා පැවසුවේය.
පාචනය රෝගයට අමතරව දරුවන්ගේ හතිය ද ඉහළ ගොස් ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ රෝගද මේ දිනවල දරුවන් අතර ව්‍යාප්තව ඇති බව හෙතෙම පැවසීය. දරුවන්ට මේ කුමන හෝ රෝග ලක්ෂණයක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේකය දීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු බවත්, ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.