රඹු­ක්යා­යේදී ඇල්ලූ ජාවාරමා රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර

මහි­යං­ග­ණය රඹු­ක්යාය ප්‍රදේ­ශ­යේදී හෙරො­යින් මිලි­ග්‍රෑම් 12,000ක්, අයිස් මිලි­ග්‍රෑම් 500ක්, මුදල්, යතු­රු­පැ­දි­යක් සහ ජංගම දුර­ක­ත­න­යක් සමඟ ඉකුත් 16 දින අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ පුද්ග­ල­යකු මහි­යං­ග­ණය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව තව­දු­ර­ටත් ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳ­වුම් නියෝ­ග­යක් ලබා ගැනී­මට කට­යුතු කළ බව පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර ඇත්තේ මහි­යං­ග­ණය පදි­ය­ත­ලාව පාර 47 කණුව ප්‍රදේ­ශයේ පදිංචි 26 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

සැක­කරු විසින් කොළඹ සිට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය පැකට් කර මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ අතුරු මාර්ග­ව­ලදී මත්ලෝ­ලීන් හට අලෙවි කරනු ලබන බවට දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් සැර­යන් ජය­සේ­කර වෙත ලද තොර­තු­රක් මත මෙම වැට­ලීම සිදු­කර තිබිණ.

එහිදී සැක­කරු සන්ත­කයේ තිබූ මත්ද්‍රව්‍ය අලෙවි කර ලබා ගත් බවට සැක කෙරෙන රුපි­යල් හැත්තෑ හත­ර­ද­හ­සක මුද­ලක්ද පොලිස් භාර­යට ගැනී­මට පොලි­සිය කට­යුතු කර තිබිණ. සැක­ක­රු­ගෙන් තව­දු­ර­ටත් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී මෙම කුඩා මත්ද්‍රව්‍ය පැකට් එකක් රුපි­යල් පන්ද­හ­ස­කට ගැනු­ම්ක­රු­වන් වෙත අලෙවි කරනු ලබන බවද පොලි­සි­යට පවසා ඇත.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති උපුල් චන්දන, බදුල්ල කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත, සහ­කාර පොලිස් අධි­කාරි ජි.ඩබ්ලිව්.එස්.පී. පලී­පාන සහ මහි­යං­ග­ණය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. විජේ­රත්න යන නිල­ධා­රීන්ගේ උප­දෙස් මත පොලිස් සැර­යන් ජය­සේ­කර (66024), පො.කො. තාරක (81653), පො.කො. ප්‍රේම­රත්න (81362), පො.කො. කුල­වංශ (104381) සහ කා.පො.කො. මාලීකා (9121) යන නිල­ධා­රීන් විසින් මෙම වැට­ලීම සිදු කළ බවද පොලි­සිය සඳ­හන් කළේය.