මෙවර මැයි දින රැලිය සඳහා සියලු දේශපාලන පක්ෂවල උපරිම ශක්තිය පෙන්වීමට ඒ ඒ පක්ෂ සූදානම් වේ.
ඒ අනුව එළැඹෙන මැතිවරණ පාදක කරගනිමින් මෙවර මැයි දිනය සැමරීමට ප්රධාන දේශපාලන ධාරාවන් සූදානම් වන බවට එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.. එමෙන්ම ප්රධාන පක්ෂ සුළු පක්ෂ සමඟ සම්බන්ධ වී මැයි දින රැලියට එක්වීමට අදාළ සාකච්ඡා පවත්වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.