අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙනවා – නාමල්

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කිරීමට බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්‍රතිලභ ජනතාවට ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටට ගැලපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තම බලවේගය ගොඩනගන බවත් පාක්ෂිකයින්ද ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන බව දන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.