MI vs PBKS : Mumbai Indians කණ්ඩායමට ලකුණු 9 ක තියුණු ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ඊයේ (18) Mumbai Indians කණ්ඩායම හා Punjab Kings කණ්ඩායම අතර Mullanpur හීදි පැවැත් වුණා.

එහිදී Punjab Kings කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 192 ක් රැස් කළා.

එහිදී Suryakumar Yadav ලකුණු 78 ක් හා Rohit Sharma ලකුණු 36 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍Punjab Kings කණ්ඩායමට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණයි.

ලකුණු පුවරුව පහතින්.

news images
news images
news images
news images