පෙබරවාරි මාසය සඳහා නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කෙරේ

නලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.

එම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන ජාතික මට්ටමේ අවම මුදල රුපියල් 16,975 ක් ලෙස දක්වා තිබෙනවා.

ඒ අනුව එම ජාතික මට්ටමේ අගය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ අඩුවීම විශේෂත්වයක්.

පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එය රුපියල් 18,308 ක් වෙනවා.

අඩුව වියදම වාර්තා වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල් 16,231 ක්.

අදාළ වාර්තාව පහතින්. 

news images