කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ (17) බෝංචි,තක්කාලි,රාබු වැනි එළවළු කීපයක කිලෝවක තොග මිල රුපියල් 30ත් 70ත් අතර පැවැති බව ගොවීහු පවසති.ඒ අනුව එහි එළවළු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි විය.

බෝංචි 50 – 70,

රාබු 40,

තක්කාලි 30 – 40,

මෑකරල් 60 – 70,

කොළ බීට් 130-150,

වම්බටු 230-250,

ගෝවා 120-130,

මල් ගෝවා 350,

රතු ගෝවා 350,

අතු ගෝවා 100-110,

මාළු මිරිස් 350-400,

කැරට් 200-250,

පිපිඤඤා 100-110,

අමු මිරිස් 170-180,

නෝකෝල් 60-100,

ලීක්ස් 130-135,

සලාද 100-120,

බෙල් පේපර් 450-550,

ගර්කින් 220,

ලුණු කොළ 70,

මුගුණුවැන්න 40,

ගොටුකොළ 40,

නිවිති 100,

කංකුං 400,

අළු කෙසෙල් 140-150,

කෙසෙල් මුව 80 ,

තිත්බටු 500,

එළබටු 170,

දෙහි 900

පලතුරුවලට අයත් කෙසෙල් වර්ග, පැණි කොමඩු, අන්නාසි ,අඹ වර්ග ,දිවුල් ආදිය ආර්ථික මධ්‍යස්ථානයේ දක්නට නොලැබුණු අතර අලිගැටපේර කිලෝවක් රුපියල් 150 – 230 ත් අතර මිල ගණන්වලට අලෙවි විය.

තක්කාලි ,බෝංචි වැනි එළවළු පෙර වර්ෂයන්හි අවුරුදු සමයේ විශාල වශයෙන් ඉහයෑම නිසා මෙවරද එවැනි මිල වැඩිවීමක් සිදුවෙයි යන අපේක්ෂාවෙන් ගොවින් විශාල පිරිසක් වැඩි වශයෙන් එම එළවළු වගා කිරීම මේ මිල ගණන් පහළ යෑමට බලපෑ ප්‍රධාන කරුණක් බව වෙළෙන්දෝ සහ ගොවීහු පවසති.