කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති 03 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Laura Wolvaardt ලකුණු 184 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 45 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර අති විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 195 ක් ලබා ගත්තා.

මෙය කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු පුවරුව හඹායාමේ වාර්තාව ලෙස සැළකෙන අතර චමරි ලබාගත් ලකුණු 195 ක්‍රීඩිකාවක් ලබාගත් තෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එකතු වුණා.

තරගයේ ලකුණු පුවරුව පහතින්

news images
news images
news images
news images