අපි තාම ස්ටේජ් නැග්ගේ නෑනේ ඔහොම යං – ඩයනා

ජාතික ජන බලවේගයට මේ වන විට ඇති රැල්ල මැතිවරණය පැමිණෙන විට යන්නේ කොහේටද දැයි බලාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

මෙවැනි රැළි ඕනෑ තරම් දැක ඇති බවත්, එක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට රැල්ලක් පැමිණි බවත්, නමුත් අවසානයේ එක් ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

ආණ්ඩුවේ පිරිස් තාම වේදිකාවට නැගීමක් සිදුකර නොමැති බවත්, එම නිසා “ඔහොම යං” බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.