මෑත කාලීන​ව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් – සෞඛ්‍ය අංශ

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ, විශේෂඥ වෛද්‍ය ශෙරිල් බාලසිංහම් පවසනවා.

2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍යයට අහිතකර ආහාර, ශාරීරික ක්‍රියාශීලිභාවය අඩුවීම, දුම්කොළ, මත්පැන් භාවිතය සහ මානසික ආතතිය හෘදයාබාධ වැළඳීම​ට ප්‍රධාන හේතු බවද ඇය සඳහන් කළා.

ජංගම දුරකථනය හා පරිගණක භාවිතයට වැඩි වශයෙන් යොමුවීම හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් ද ක්‍රියාශීලි දිවි පෙවතෙන් ඈත් වී ඇති බවයි විශේෂඥ වෛද්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළේ.