පාස්කු ප්‍රහාරයට එරෙහිව ජාතික ජන බලවේග රජයක් තුළදී ක්‍රියාකරන ආකාරය ගැන ප්‍රතිඥාවක්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව විසඳීම සඳහා ජාතික ජන බලවේගය රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන කරුණු 7කින් යුත් ප්‍රතිඥාවක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සහ එකී ප්‍රහාරය මගින් විනාශයට පත්වූ දේපල වෙනුවෙන් රජයට වගකීමක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්​ඡ ප්‍රහාරයට අදාළව පත්කරනු ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශද පදනම් කරගනිමින් ඊට වගකිව යුතු දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද එහි වැඩිදුරටත් සඳහන්.

අදාළ ප්‍රතිඥාව පහතින්.

news images
news images