ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් 21 ක් ඉරානයෙන් බේරාගනී

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.

ආදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කුණාටුවක් හේතුවෙන් ඉරානයේ ජැස්ක් වෙරළට සැතපුම් 30 ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙනවා.