ලෝක උරුම කළ යුතු තැන් කිහිපයක්ම හඳුනාගෙන තිබෙනවා

ලෝක උරුම දිනය අදට (18) යෙදී ඇත. මේ වන විට රිටිගල, අරන්කැලේ, මානාකන්ද බෞද්ධ භාවනා ස්ථාන, මිහින්තලය, ඔරටෝරියම් පල්ලි, ඝර්ම කලාපීය නූතන වාස්තු විද්‍යාව, 19 වැනි සියවසේ අග භාගයේ බිතු සිතුවම් සහිත ස්ථාන, වාරි කර්මාන්ත පද්ධතිය, තේ භූ දර්ශනය, පැරණි සමුද්‍රාසන්න මධ්‍යස්ථාන, මහායාන ආභාසය සහිත ආරාම සංකීර්ණ, ප්‍රාග් ඓතිහාසික ගුහා මෙරට ලෝක උරුම බවට පත් කළ යුතු ස්ථාන බවට ඒ සඳහා පත් කළ කමිටුව මඟින් හඳුනාගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ පැවසීය.

මේ වන විටද ඉහත සඳහන් බෞද්ධ භාවනා ස්ථාන යුනෙස්කෝවේ ලෝක උරුම තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඉදිරිපත් කර ඇති අතර, සීගිරිය, අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල, ගාල්ල කොටුව, මහනුවර මෙරට සංස්කෘතික ලෝක උරුමයන් බවට නම් කර තිබේ.