මෙවර සා/පෙළට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇත.

සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 6 වැනි දින ආරම්භ කිරීමට නියමිත වන අතර විභාගය මැයි 15 දින දක්වා පැවැත්වේ.