අවුරුදු සමයේ නීති කැඩූ වෙළඳුන් 700 කට නඩු පැවරීමට පියවර

අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම් 700ක් සිදුකල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම වැටලීම්වලදී නීතියේ රැහැනට කොටුකර ගත් පිරිසට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.

භාණ්ඩ මිලදී ගැනීමේදී මිල වෙනස් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ මිලදී ගන්නා භාණ්ඩයට බිල්පතක් ලබා ගැනීමටද පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.