19න් පහළ දෙදින ක්‍රිකට්

සාන්ත පීතර ශූරතාව දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විශේන් හැළඹගේ ප්‍රමුඛ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල පිල සමත් විය.

කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් පිටියේ පැවැති අවසන් තරගයේදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

කොළඹ ලුම්බිණි විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 41.4කදී සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 169ක් පමණි. නබීල් රාජුදීන් (44) සහ අශාන් ශනිල්ක (36)

තම ඉනිම ගොඩනැඟීමට දායක වූ අතර, පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ෂැනොන් රොද්‍රිගෝ ලකුණු 55කට කඩුලු 6ක් ද, නායක විශේන් හැළඹගේ ලකුණු 38කට කඩුලු 2ක් ද දවාලූහ.

පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදුන් ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් දිනිත ද සිල්වා ලකුණු 67ක් සහ නබීල් රාජුදීන් ලකුණු 53ක් රැස්කළ අතර, ජනිත් කෞෂාන් ලකුණු 47කට කඩුලු 3ක් බිඳ හෙළීය.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය: පළමු ඉනිම – 291 (පන්දුවාර 87.5) අසදීස ද සිල්වා 46, ඔවීන් සල්ගාදු 41, චමිඳු පෙරේරා 35, ලෂ්මික පෙරේරා 34, දිලන දම්සර 33, විශේන් හැළඹගේ 32, ෂැනොන් රොද්‍රිගෝ

29, සහන් කෞශල්‍ය 60/3, ප්‍රවීන් මනීෂ 72/3, උෂාන් සත්සර 55/2 සහ දෙවැනි ඉනිම – 59/3 (පන්දුවාර 16) දිලන දම්සර නොදැවී 20, ප්‍රවීන් මනීෂ 26/2

කොළඹ ලුම්බිණි විද්‍යාලය: පළමු ඉනිම – 169 (පන්දුවාර 41.4) නබීල් රාජුඩීන් 44, අශාන් ශනිල්ක 36, ෂැනොන් රොද්‍රිගෝ 55/6, විශේන් හැළඹගේ 38/2 සහ දෙවැනි ඉනිම – 220/9 (පන්දුවාර 43) දිනිත ද

සිල්වා 67, නබීල් රාජුඩීන් 53, දුමිඳු සෙව්මිණ 23, සහන් කෙ!ශල්‍ය 22, ජනිත් කෞෂාන් 47/3, චමිඳු පෙරේරා 39/2, ෂැනොන් රොද්‍රිගෝ 94/2