ශ්‍රී ලංකාවට ලොකු ලූනු යැවීමට ඉන්දීයාව අවසර දෙයි

ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ලොකු ලූනු අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණි. මාස කීපයක් එම තීරණය ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකාවට පමණක් එම තහනම ඉවත් කිරීමට ඉන්දීය රජය මේ වනවිට පියවර ගෙන ඇත.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගෙන ඇති බවද පැවසේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ඉන්දීය විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී සන්තෝෂ් කුමාර් සාරංජි විසින් (15) නිකුත් කර තිබේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙම තහනම ඉදිරියේදී තවදුරටත් ලිහිල්වනු ඇති බවයි.