ගල්කිස්සේ මනුෂ්‍ය ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී (16) අලුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සදහන් කරයි.

සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව සදහන් වේ.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සදහා පොලිස් ආරක්ෂාව යටතේ තිබෙන අතර ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇත.