රනිල් රට පාලනය කරනවා කියන්නේ රටේ කිසිවෙක් බඩගින්නේ නොසිටීවි – වජිර

රනිල් වික්‍රමසිංහ නැමති නායකයා රට පාලනය කිරීම යනු කිසිවෙකුත් බඩගින්නේ නොසිටින සමාජයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මෙම වසර තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විශාල ජන බලයකින් රට භාරදිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට ගමන් කරන මාර්ගය වෙනස් කළහොත් විශාල පීඩනයකට පත්විය හැකි බවත්, යටත් විජිත රටක් බවට පත්වනු ඇති බවත්, තනි රනිල් මුළු රටම ලබාගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.