රිය අනතුරකින් දෙදෙනෙක් මරුට දෙදෙනෙකුට බරපතලයි

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල දි (14)  පෙරවරුවේ මාර්ගයේ ගමන් ගත්   කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් ගත්  දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

හාලිඇල ගණදෙවි කෝවිල ආසන්නයේ දි උදෑසන හයයි තිහට පමණ  මෙම අනතුර සිදුව ඇති අතර එහිදි අනතුරින් මියගොස් ඇත්තේ කමලාවතී දිසානායක (70) සහ සිරියාවති හේවගේ (51) හැවිරිදි දෙදෙනා බවත් සමන් රත්නකුමාර (53) සහ ලිහිණි කාවින්ද්‍යා (22) යන දෙදෙනා බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

සමදරා වත්ත, කජුවත්ත, ගොතටුව,රාජගිරිය යන ලිපිනයේ පදිංචි මෙම අයවලුන් බදුල්ල ප්‍රදේශයේ නැදෑ නිවසකට පැමිණෙමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බවට අණාවරණය වි ඇතැයිද පොලිසිය කීය.

මියගිය අයගේ මෘතදේහයන් බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර  හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලකගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි