තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ 08 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. (14) පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ

එහිදී හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 63 ත් අතර වයසේ පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මෙම පිරිස මෙන්ම ඩිංගි යාත්‍රාව සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා