තරුණ ප්‍රජාව ආරක්ෂා කරන්න Instagramවලට නව විශේෂාංගයක්

තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙටා සමාගම විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම සඳහා නවතම විශේෂාංග හඳුන්වා දී තිබේ.

නව විශේෂාංග මගින් ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් සඳහා ඇතුලත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳ කිරීමක් සිදු කෙරෙනු ඇත.

විශේෂයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සිදුවන ලිංගික කප්පම් ගැනීම් සහා තර්ජනයන්ගෙන් තරුණ පරපුර මුදවා ගැනීම මෙහි අරමුණයි.

නව විශේෂාංගයේ තවත් ලක්ෂණයක් වනුයේ යමෙකුට නිරුවත අඩංගු රූපයක් ලැබුණු විට එය ස්වයංක්‍රීයවම අනතුරු ඇඟවීමේ තිරයක් සමග අපැහැදිලි ආකාරයෙන් දර්ශනය වීමයි.

නිරුවත් රූපයක් මෙලෙස බොඳ කිරීමෙන් යළි යළිත් එවැනි ඡායාරූප සමාජ මාධ්‍යය යොමු කිරීම අධෛර්යමත් කරන බව මෙටා සමාගම පෙන්වා දෙයි.

ඉන්ස්ටග්‍රෑම් තාක්ෂණිකවේදීන් සඳහන් කර ඇත්තේ අන්තර්ජාල අපරාධකරුවන්ට වංචනික ක්‍රියා සිදුකිරීමට ඉදිරියේ දී මෙමගින් අවකාශය නොලැබෙන බවයි.