12 හැවිරිදි දැරියක් දුම්රියෙන් එළියට විසිවෙයි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් 12 හැවිරිදි දැරියක් එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදි දුම්රියෙන් වැටී ඇති බව වාර්තා වේ.

බරපතළ තුවාල ලබා දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව ජනේලයෙන් අත පිටතට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇත.

කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බව පරීක්ෂණ පවත්වන බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.