හම්බෙගමුවේ සාදයක වෙඩි තැබීමක්

හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙයි

(12) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි

නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙයි

තුවාලකරුවන් හම්බෙගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.