ජී.එල්. පීරිස්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විනය ක්‍රියාමාර්ග

ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විධායක සභාව තීරණය කර තිබෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පසුගියදා සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින්, වෙනත් පක්ෂ සමග ගිවිසුම්වලට එළඹෙන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය දුන් බවද මහ ලේකම්වරයා තවදුරටත් පවසා සිටියා.