චීන සමාගමක ආයෝජන ව්‍යාපෘතිය පිළිබඳ යුරෝපා හවුල පෝලන්තයට අනතුරු අඟවයි

පෝලන්තයේ සමුද්‍ර මෙහෙයුම් සඳහා එක් වී සිටින චීනයට අයත් සමාගමක ක්‍රියාකාරකම් එරට ආරක්ෂක කටයුතුවලට තර්ජනයක් විය හැකි බවට තොරතුරු වාර්තා වී ඇතැයි පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. පෝලන්ත රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂාව හා සම්බන්ධ සියලු ක්ෂේත්‍ර දැඩි ලෙස විෂ්ලේෂණය කිරීමේදී එම සමාගමේ සමුද්‍ර ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු වී ඇතැයි නියෝජ්‍ය ආරක්ෂක ඇමැති සෙසාරි ටොම්සික් ප්‍රකාශ කළ බවය. හොංකොං දේශය කේන්ද්‍ර කරගත් එම සමාගම පෝලන්තයේ ග්ඩිනියා වරාය පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එවැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිවලදී සිදු විය හැකි විදේශීය බලපෑම් පිළිබඳ යුරෝපා සංගමය ද පෝලන්තයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත පෝලන්තයේ ආරක්ෂාව නැවත සළකා බැලීමට ද එරට රජය තීරණය කර ඇති අතර, ආරක්ෂාව පිළිබඳ ගැටලුවලට අමතරව එම ව්‍යාපෘතියේදී කැපී පෙනෙන අඩු බදු අනුපාත වැනි රජයට වාසිදායක කරුණු ඇතුළත් කිරීම පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශයේ සැකයට තුඩු දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.