“ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ප්‍රයත්නයක් මර්දනය කරන බව චීනය කියයි

“ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාවක් චීන මහජන විමුක්ති හමුදාව මගින් මර්දනය කරන බව චීනය කියා සිටී.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක වූ චියැන්, මෑතකාලීනව උද්ගතව ඇති හමුදාමය අර්බුද පිළිබඳව අදහස් පළ කරමින් (12) මේ බව පැවසීය.

ඇමරිකානු හමුදාවේ ඉන්දු-පැසිෆික් මූලස්ථානය වෙත පැමිණි තායිවාන ප්‍රදේශයේ නාවික හමුදාපතිවරයා එහි පැවති ක්‍රියාකාරකම්වලට සහභාගි වූ බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. චීනය සතු යුදමය ශක්තියට එරෙහිව ඇමරිකාව සහ තායිවාන බලධාරීන් සම්බන්ධීකරණය කිරීම මෙම සංචාරයේ අරමුණ බව ඇතැම් විචාරකයන් පෙන්වා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් වූ චියැන් මහතා ප්‍රකාශ කළේ, ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර පවතින ඕනෑම ආකාරයක නිල හුවමාරු සහ හමුදා සබඳතාවලට චීනය දැඩි විරෝධය පළ කරන බවයි. තායිවානය යනු චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීනයට බාධා කිරීමට දරන කිසිදු ප්‍රයත්නයක් කිසිදාක සාර්ථක නොවනු ඇතැයි ද වූ චියැන් අවධාරණය කළේය.