විශේෂ රාජ්‍ය සමාවක් ලැබෙන සිරකරුවන් මෙන්න

 (13) යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි.

ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව හිමිවේ.

මෙම සමාවට සුදුසුකම් ලැබූ රැදවියන් හෙට පෙ.ව. 10.00 පමණ නිදහස් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කර ඇත.