ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි ඊළඟ අදියර වශෙයන් මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ඒ යටතේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොවේ නම් හිමිකම් ඉල්ලීම හා 2024 කෙටුම්පත් ඡන්ද හිමි නාම ලේඛනයේ වැරදි නමක් ඇතුළත් වේ නම් ඒ සඳහා හිමිකම් අයැදුම්පතක් ඉල්ලීම හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.