රැල්ලට ගියොත් 2024 දීත් පරිප්පුවක් කන්න තමයි වෙන්⁣නෙ – හරීන්

මිනිසුන්ට නව වසරක් ගැන මේ වන විට විශ්වාසයක් ඇතිවී ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

විවාදයක් පවත්වනවා නම් පැවැත්විය යුත්තේ රට භාර නොගත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් බවත්, එවිට වැඩ කර පෙන්වා ඇත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ජනතාවට තීරණය කළ හැකි බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අනෙක් නායකයින් සියලු දෙනා කටයුතු කරන්නේ රට ගැන තීන්දු ගෙන නොව පක්ෂය ගැන සහ තමන් බලය ලබා ගැනීම මූලික කරගනිමින් බවත්, රැල්ලට ගියහොත් සිදුවන්නේ 2024 වසරේත් එම රැල්ලෙන්ම පරිප්පුවක් කෑමට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.