උත්සව සමයේ කිසිඳු හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය වෙළඳපළට පැමිණ තිබෙනවා – මහින්ද අමරවීර

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකිව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මීට මාසයකට පමණ පෙර සීග්‍රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය විසින් රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩපිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු හා සහල්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.