නිල සංචිත වත්කම් මාර්තු­වේදී 9.5%කින් ඉහ­ළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමා­ණය මේ වසරේ මාර්තු මාසයේ 9.5%කින් ඉහළ ගොස් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5 සීමාව දක්වා පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නව­තම දත්ත වාර්තා මඟින් පෙන්වා දෙයි.

ඒ අනුව 2024 පෙබ­ර­වා­රිය අව­සා­නයේ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 4.52ක් ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමා­ණය 2024 මාර්තු අව­සා­නය වන විට ඩොලර් බිලි­යන 4.95 දක්වා ඉහළ ගොස් ඇති බව එම බැංකුව සඳ­හන් කරයි.

මේ නිල සංචිත වත්කම් තුළ අන්ත­ර්ගත ප්‍රධාන සංර­ච­කය වන විදේශ විනි­මය සංචි­තය 9.6%කින් මාර්තු මාසය තුළ ඉහළ ගොස් තිබෙන අතර, එහිදී 2024 පෙබ­ර­වා­රිය අව­සා­නයේ මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලි­යන 4.48ක් වූ විදේශ විනි­මය සංචි­තය 2024 මාර්තු අව­සන් වන විට ඩොලර් බිලි­යන 4.91ක් දක්වා වැඩි වී ඇත.

මේ අතර 2024 මාර්තු මාසය තුළ මහ බැංකුව සතු රන් සංචි­ත­යද ඩොලර් මිලි­යන 31 සිට ඩොලර් මිලි­යන 34 දක්වා 9.1%කින් ඉහළ ගොස් තිබේ.

මේ සංචිත වත්කම් තුළ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 1.4කට පමණ සමාන වූ චීන මහ­ජන බැංකු­වෙන් ලද විදේශ විනි­මය හුව­මාරු පහ­සු­ක­මෙහි ලැබීම් අන්ත­ර්ගත වන අතර, එය භාවිත කිරී­මේදී කොන්දේ­සි­ව­ලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.