69 ලක්ෂයම ඡන්දෙ දුන්නත් අනුරට ලක්ෂ 75ට එන්න බෑ – චන්දිම වීරක්කොඩි

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

ඒ අතරින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගිය මැතිවරණයෙන් ලක්ෂ 56 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස පෙනෙන අනුර කුමාර දිසානායක පසුගිය මැතිවරණයෙන් ලබාගත්තේ ලක්ෂ 4 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ 75 ක් අවශ්‍ය බවට විශ්ලේෂකයින්ගේ මතය බවත් ඒ සඳහා සජිත් ප්‍රේමදාසට තවත් අවශ්‍ය වන්නේ ඡන්ද ලක්ෂ 19 ක් වන නමුත් අනුර කුමාර දිසානායකට තවත් ඡන්ද ලකෂ 71 ක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව පොහොට්ටුවට ඡන්දය ලබාදුන් ලක්ෂ 69 ම අනුර කුමාර දිසානායකට ඡන්දය ලබාදුන්නත් ඔහුට ඡන්ද ලක්ෂ 75 ක් ලබාගත නොහැකි බවයි චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.