ජනාධිපතිවරණ බැලට් පේපර් එකේ රනිල්ගේ නම නෑ, පොහොට්ටුවේ ලකුණ අනිවාර්යෙන්ම තියෙනවා – උදයංග

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නොවන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරයට ඉදිරිපත් කරන බවත් එය ජනාධිපතිවරයාටද දැනුම්දී ඇති බවයි Youtube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මීළඟ ජනාධිපතිරණ පත්‍රිකාවේ පොහොට්ටුවේ සලකුණ අනිවායෙන්ම පවතින බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම එම පත්‍රිකාවේ සඳහන් නොවනු ඇති බවත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම ජනාධිපතිවරණ පත්‍රිකාවේ නොමැති වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන තනතුරක් සඳහා ඔහුගේ නම යෝජනාවී ඇති බවද, ඉන්දියාවද ඒ සඳහා එකඟතාව පළකර ඇති බවයි උදයංග වීරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.