එළවළු මිල ශීඝ්‍ර ලෙස පහත වැටිලා – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය

මේ වන විට එළවළු මිල ශීඝ්‍ර ලෙස පහත ගොස් ඇති බව ​දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී. එස්. සිරිවර්ධන පවසනවා.

ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40 – 50 දක්වා පහත වැටී ඇති බවත් බණ්ඩක්කා, වැටකොලු, කැකිරි, පිපිඤ්ඤා, වම්බටු යන එළවළු වර්ගවල කිලෝවක තොග මිල රුපියල් 15 – 40 අතර වන බවයි ඔහු සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීම සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.