වසරේ මුල් මාස 3 තුළ 74,499 ක් රැකියා සඳහා විදෙස්ගත වෙයි

වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 74,499 ක පිරිසක් රැකියා සඳහා විදෙස්ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් බවයි එම කාර්යංශය සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793 ක් වන අතර මීට අමතරව දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකු ද, ඊශ්‍රායලය වෙත 2,114 දෙනෙකු ද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකු ද පිටත්ව ගොස් තිබෙනවා.